බෙලූගා තල්මසුන් 30 දෙනෙකු චීනයට යැවීමට කළ ඉල්ලීම රජය විසින් අවහිර කිරීමෙන් පසු, කැනේඩියානු විනෝද උද්‍යානයක් ඔවුන් මරා දමන බවට රජයට දැනුම් දී ඇත.
වසර ගණනාවක් තිස්සේ සත්ව සුබසාධන ගැටළු සහ මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දීමෙන් පසු, ඔන්ටාරියෝ හි මැරීන්ලන්ඩ්, ෂුහායි හි තේමා උද්‍යානයකට මෙම තල්මසුන් යැවීමට බලාපොරොත්තු විය.
නමුත් “පොදු විනෝදාස්වාදය” හා සමාන ප්‍රමිතියෙන් තොර සැළකිලිවලට එම තල්මසුන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි යන බිය නිසා, කැනේඩියානු රජය පසුගිය සතියේ ඔවුන් එලෙස යැවීම ප්‍රතික්ෂේප කළේය.
මේ හේතුවෙන් සත්වෝද්‍යාන බලධාරීන් එහි සතුන් රැකබලා ගැනීම දිගටම කරගෙන යාම සඳහා ෆෙඩරල් අරමුදල් ඉල්ලා සිටියේය. නමුත් එය ද ප්‍රතික්ෂේප කරන ලද අතර, ධීවර අමාත්‍ය ජොඈන් තොම්සන් විසින් එය “නුසුදුසු” ඉල්ලීමක් ලෙස හංවඩු ගසන ලදී.
නිව් යෝර්ක් ටයිම්ස් සහ සීබීසී ප්‍රවෘත්ති වලට අනුව, මෙහෙයුම් අවසන් කරන විට අරමුදල් නොමැතිකම නිසා, බෙලූගාස් මරා දැමීම සිදුවිය හැකි බව මැරීන්ලන්ඩ් දැන් පවසා තිබේ.
මෙය “ඇමතිවරියගේ තීරණයේ සෘජු ප්‍රතිඵලයක්” බව එහි සඳහන්ව ඇතැයි වාර්තා වේ.
උද්‍යානය “අර්බුදකාරී මූල්‍ය තත්ත්වයක” පවතින බවත්, තල්මසුන් සඳහා ප්‍රමාණවත් රැකවරණයක් ලබා දිය නොහැකි බවත්, ගිම්හානයේදී වසා දමා ඇති අතර එහි සිටින සතුන් ඉවත් කර ඇති බවත් උද්‍යානය අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බව කියනු ලැබේ.
නමුත් බෙලූගාස් සඳහා මැරීන්ලන්තයේ ශක්‍ය විකල්ප වාසස්තානයක් නොමැතිකම නිසා කැනේඩියානු රජය ඔවුන්ගේ රැකවරණය සඳහා වියදම් ලබාදිය නැතිය තොම්සන් පැවසීය.
මැරීන්ලන්ඩ් බලාපොරොත්තු වූයේ බෙලූගා තල්මසුන් හොංකොං සහ චීනයේ මැකාවු අතර පිහිටි ෂුහායි හි චිමෙලොන්ග් සාගර රාජධානියට යැවීමටයි.
2019 දී තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් විනෝදාස්වාදය සඳහා භාවිතා කිරීම නීති විරෝධී බවට පත් කළ ධීවර නීති ශක්තිමත් කිරීම නිසා එම පියවර තහනම් බව පවසමින් තොම්සන් ඒ සඳහා අවශ්‍ය අපනයන බලපත්‍රය ලබාදීම ද ප්‍රතික්ෂේප කර තිබිණි.
මැරීන්ලන්ඩ් පිළිබඳ විවේචන ආරම්භ වූයේ 2020 දී සත්ව සුබ සාධන සේවා උද්‍යානය පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ විටය.
වසර දෙකක කාලයක් තුළ උද්‍යානයේ තල්මසුන් 12 දෙනෙකු මිය ගොස් ඇති බව අනාවරණය වූ අතර, උද්‍යානයේ සියලුම සාගර ජීවීන් අවදානමට ලක්ව ඇති බව ද වාර්තා වේ.
කැනේඩියානු ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, නොවැම්බර් මාසයේදී, වසරක් තුළ පස්වන බෙලූගා මත්ස්‍යයා ද මිය ගිය අතර, 2019 සිට මියගිය මුළු තල්මසුන් සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් තිබේ.
උද්‍යානයට පැමිණෙන අමුත්තන්ගේ පැමිණීම පහත වැටීමට පටන් ගත් අතර මැරීන්ලන්තය මූල්‍ය අර්බුදයක ගිලී ගිය විට, නව ගැනුම්කරුවෙකු සොයන අතරතුර, තම සතුන් ප්‍රවාහනය කිරීමේ අරමුදල් සඳහා තමන්ගේම ඉඩම උකස් කිරීමට පෙබරවාරි මාසයේදී අභියාචනයක් ලබාගෙන තිබේ.
සත්ව සුභසාධන ක්‍රියාකාරීන් මැරීන්ලන්තයේ හැසිරීම සහ තල්මසුන් මරා දැමීමට ඇති හැකියාව පිළිබඳව කෝපය පළ කර තිබේ.
කැනේඩියානු සත්ව අයිතිවාසිකම් කණ්ඩායමක් වන Animal Justice හි විධායක අධ්‍යක්ෂ කැමිල් ලැබ්චුක් පැවසුවේ, “මෙම සතුන්ගේ අනාගත රැකවරණය සඳහා අරමුදල් සැපයීමට මැරීන්ලන්තයට සදාචාරාත්මක බැඳීමක් ඇති” බවත්, සතුන් අනායාසයෙන් මරා දැමීමට එල්ල වන තර්ජන “හෙළා දැකිය හැකි” බවත්ය.
“සතුන්ට ආරක්ෂාව ලැබෙන බව පෙන්විය යුතු අතර මෙම සතුන්ට හැකි උපරිම සත්කාර ලැබෙන බව සහතික කළ යුතු” බව පවසමින්, ලෝක සත්ව ආරක්ෂණය, බෙලූගා අත්පත් කර ගන්නා ලෙස පළාත් රජයෙන් ඉල්ලා සිටියි.



