-4.3 C
New York

කොටස් මිල දර්ශකය 22,000 පසුකර තවත් ඉදිරියට

Published:

කොටස් වෙළෙඳ පොළ අඛණ්ඩව ඉහළට

කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 46,314ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 7,953ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 68කින් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,163ක්  ලෙසිනි. ඒ අනුව කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ වාර්තා විය.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කාර්ගීල්ස් බැංකුව රුපියල් මිලියන 574
  • කාර්ගීල්ස් ආයතනය රුපියල් මිලියන 468
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 363

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • කාර්ගීල්ස් බැංකුව කොටස් මිලියන 56
  • එල්.සී.බී. ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 13
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 11

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ලයන්ස් බෲවරි සමාගම සමාගම 18 %
  • පීඑම් හෝල්ඩින් සමාගම 17%
  • සණස සංවර්ධන බැංකුව 15%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 383
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 318
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 316

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 383ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 606කකොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 223ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • කාර්ගීල්ස් සමාගම රුපියල් මිලියන 270
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 27
  • කොමර්ෂල් බැංකුව (X) රුපියල් මිලියන 21

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සීපී හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 274
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 56
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 46

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img