හුංගම, රන්න, වාඩිගල ප්‍රදේශයේ නිවසක තාවකාලිකව නවතැන්ගෙන සිටි යුවළක් කිසියම් අයකු විසින් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයකු සහ ඔහුගේ අනියම් බිරිඳ බව ද පොලිසිය සඳහන් කළේය.
එම නිවසේ හිමිකරු දැනට බන්ධනාගාර ගත වී සිටින අතර ඝාතනයට ලක්වූ යුවළ නිවසේ තාවකාලිකව පදිංචිව සිටියි.
මෙම ඝාතනය කවුරුන් විසින් කුමන හේතුමක් මත සිදුකරන ලද්දක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
මළසිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) සිදුකිරීමට නියමිතය.



