-5.2 C
New York

ක්‍රිකට් ගැසූ පාසල් සිසුවා, තටාකයේ වැටී මියගිහින්

Published:

පිහිනුම් තටාකයට වැටුණු ක්‍රිකට් පන්දුව ගැනීමට ගිය පාසල් සිසුවකු එම පාසලේ ම පිහිනුම් තටාකයේ වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ දික්වැල්ල විජිත මහා විද්‍යාලයේ 12 වැනි වසරේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවෙකි.

ඔහු තවත් සිසුන් පිරිසක් සමඟ පාසලේ ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිට ඇති අතර පන්දුව පිහිනුම් තටාකයට වැටී ඇත. එය ගැනීමට උත්සාහ කිරීමේ දී සිසුවා පිහිනුම් තටාකයට වැටී මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.

සිසුවාගේ දේහය බතීගම රෝහලේ තැන්පත් කර ඇති අතර හදිසි මරණ පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතය.

Related articles

Recent articles

spot_img