බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර – ලුණුගල මාර්ගයේ 13 වැනි කිලෝ මීටර කණුව අසළ ඊයේ (05) සවස පස් කඳු කඩාවැටීම හේතුවෙන් මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ල වී ඇත.
මාර්ගයට ගල් පෙරළීමෙන් කොටසක් අවහිර වී ඇති අතර අධික වර්ෂාවත් සමඟ පවතින අවදානම හේතුවෙන් එක් මංතීරුවක් පමණක් විවෘතව තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.
මේ අතර පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැනවූ නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදනය අනුව එම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එම සංවිධානය පැවසුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි දින කිහිපය තුළද වැසි අපේක්ෂා කළ හැකි බව මේ වන විට දැනුම්දී ඇති බවය.
තවද මාර්ග භාවිත කරන්නන් දෙපස ඇති අනතුරුදායක ප්‍රදේශ පසුකරන විට මේ සම්බන්ධව සැළකිලිමත්වන ලෙසත් එම සංවිධානය මාර්ග භාවිත කරන රියදුරන්ගෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම මාර්ග දෙපස වෙළෙඳාම් කටයුතු කරන ජනතාව අනතුරුදායක ප්‍රදේශ ආශ්‍රිතව වෙළෙඳාම් කටයුතු සිදුකරන්නේ නම් එම ස්ථානවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථානයක් වෙත ගමන් කරන ලෙසත් එම සංවිධානය ජනතාව වෙත දැනුම් දීමක්ද කර ඇත.
එමෙන්ම යම් ආකාරයක පෙර නායයාම් ලක්ෂණ නිරීක්ෂණය වුවහොත් ඒ සම්බන්ධව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කරන ලෙසත් ඒ අනුව දිස්ත්‍රික්කයේ පවතින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් කාර්යාලය දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබා ගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.



