-5.2 C
New York

ඉන්දීය කණ්ඩායමේ නායකත්වයට ශුබ්මන් ගිල්

Published:

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ශර්මා වෙනුවට ඉදිරි ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා කණ්ඩායමේ නායකත්වයට ශුබ්මන් ගිල් නම්කර තිබේ.

ඒ අනුව ඔහු ඉන්දියාවේ එක්දින ක්‍රිකට් සඳහා පත්වන 28 වැනි නායකයා වෙයි. තවමත් 26 හැවිරිදි වියේ පසුවන ගිල් එක්දින ජාත්‍යන්තර තරඟ 55ක් ක්‍රීඩාකර සිටියි.

ඔක්තෝබර් මාසයේ දී ආරම්භවන ඉන්දීය කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයේ දී එක්දින තරග 03ක් හා විස්සයි20 තරග 05ක් පැවැත්වේ.

මෙම සංචාරය සඳහා ඉන්දීය එක්දින සංචිතය ඊයේ (04) නම්කළ අතර, එම සංචිතයේ මෙලෙස ශුබ්මන් ගිල් නායකයා ලෙසත් ශ්‍රෙයාස් අයියර් උපනායකයා ලෙසත් නම්කර තිබිණි.  රෝහිත් ශර්මා නායකත්වයෙන් ඉවත් කළ ද ඔහු සංචිතයට ඇතුළත්ව සිටීම විශේෂත්වයකි. සංචාරය සඳහා විරාත් කෝලි ද ඇතුළත් වෙයි.

මාර්තු මස පැවති ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරයෙන් පසු රෝහිත් මෙන්ම කෝලි ඉන්දියාව නියෝජනය කරමින් කිසිදු අන්තර්ජාතික තරගාවලියක් ක්‍රීඩාකර නැත.

2024 වසරේ විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව විස්සයි20 සහ ඉන් අනතුරුව ටෙස්ට් පිටියට සමුදීමට විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා කටයුතු කළහ.

Related articles

Recent articles

spot_img