-4.3 C
New York

එවරස්ට් ගිය 1,000ක් සිරවෙති

Published:

එවරස්ට් කන්දේ නැගෙනහිර බෑවුමේ කඳවුරු බිම් වෙත ගිය පුද්ගලයන් ගලවා ගැනීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පැවතිය ද සංචාරකයන්, සංචාරක මඟ පෙන්වන්නන් සහ භාණ්ඩ ප්‍රවාහනය කරන පිරිස් ඇතුළු 1,000කට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් එම ප්‍රදේශයේ සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීටර් 4,900 (අඩි 16,000) ට වඩා උසකින් පිහිටා ඇති ප්‍රදේශයට ප්‍රවේශය පිවිසීම දැඩි හිමපතනය නිසා අසීරු වී ඇති අතර ගම්වාසීන් සහ ගලවාගැනීමේ කණ්ඩායම් සිය ගණනක් මේ සඳහා වෙහෙස වෙමින් සිටියි.

එවරස්ට් කන්දේ සුන්දරත්වය නැරඹීම සඳහා එම ප්‍රදේශයට ඇතුළු වීම පසුගිය සෙනසුරාදා සවස සිට අත්හිටුවා ඇති බව ටින්ග්‍රි ප්‍රාන්ත සංචාරක සමාගම නිල වශයෙන් සඳහන් කර ඇත. කෙසේ වෙතත් මෙම දැඩි හිම පතනය ආරම්භ වී ඇත්තේ සිකුරාදා සවස් කාලයේ දී ය. එය සෙනසුරාදා දවස මුළුල්ලේ ම පැවතිණි.

නේපාලයේ දේශ සීමාව හරහා, අධික වර්ෂාව නිසා නායයෑම් සහ හදිසි ගංවතුර ඇති වූ අතර එමඟින් මාර්ග අවහිර වී, පාලම් කැඩී ගොස්, අවම වශයෙන් පුද්ගලයින් 47 දෙනෙකු මිය ගිය බව ආරක්ෂක අංශ පවසා ඇත.  ඉන්දියාවට මායිම්ව ඇති නැගෙනහිර ඉලාම් දිස්ත්‍රික්කයේ සිදු වූ නායයෑම්වලින් තවත් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගියහ. ගංවතුරට හසුවී පුද්ගලයින් 09 දෙනකු අතුරුදහන් වී ඇති අතර, රටේ වෙනත් ප්‍රදේශවල අකුණු සැර වැදීමෙන් තවත් 03 දෙනකු මිය ගොස් ඇති බව ද වාර්තා වේ.

Related articles

Recent articles

spot_img