2026 වර්ෂයේ දී 2025 වර්ෂයට සාපේක්ෂව ජනාධිපති වියදම් තුන් ගුණයකින් වැඩි වී ඇති බවට ඇතැම් මාධ්‍යවල පළවන තොරතුරු අසත්‍ය බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පවසයි.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ රුපියල් බිලියන 2.9කින් ආරම්භ වූ 2025 වසිර්ජන පනත් කෙටුම්පතට ජාතික අයවැයෙන් දක්වා ඇති සම්පූර්ණ වියදම් ඇතුළත් නොවන බවයි. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 5.05ක් වෙන වෙන ම වෙන් කර ඇති අතර නවෝත්පාදන හා වාණිජකරණයට අදාළ පර්යේෂණ සඳහා අමතර රුපියල් බිලියන 01ක් වෙන්කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කීෆව්ය.
“2025 වර්ෂය සඳහා ජනාධිපති වියදම් සඳහා වෙන්කිරීම රුපියල් බිලියන 09යි. නමුත් මාධ්‍ය වාර්තා එය 2026 විසර්ජන කෙටුම්පත් වියදම් රුපියල් බිලියන 11.6ක් හැටියට සන්සන්දනය කරනවා. ක්ලීන් ශ්‍ර1ී ලංකා ව්‍යෘපෘතිය සහ පර්යේෂණ සඳහා වන වෙන් කිරීම් ද මේ කියන ගණනය කිරීම්වලට ඇතුළත් කරලා තමයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ නිසා නොමඟ යවන සුළු තොරතුරු නිර්මාණය වී තිබෙනවා.”



