හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීම සදහා වූ පනත සම්මත කිරීමත් සමඟ තමන් එතෙක් භාවිතා කළ විජේරාම නිල නිවසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉවත්ව තංගල්ලේ පිහිටි පුද්ගලික නිවසේ පදිංචියට ගිය ද එහි තිබූ භාණ්ඩ රැගෙන ගොස් නැත.
හිටපු ජනාධිපතිවරයා භාවිතා කළ නිල නිවස නැවත භාර ගැනීම සදහා ගිය රාජ්‍ය නිලධාරීන් පවසා සිටියේ එහි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අයත් බඩු භාණ්ඩ ඇති බවයි. ඒ අනුව එම භාණ්ඩ ඉවත්කරගන්නා ලෙස හිටිපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
එසේ දැනුම් දුන්න ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් පවසා ඇත්තේ නිල නිවසේ ඇති සියලු රජයේ භාණ්ඩ පළමුව ඉවත්කරගන්නා ලෙසයි. ඉන් පසු පුද්ගලික භාණ්ඩ ඉවත්කර ගැනීමට කටයුතු කරන බව ද දන්වා තිබේ.
හිිටපු ජනාධිපතිවරයා පුද්ගලික භාණ්ඩ කලින් ඉවත්කරගතහොත් රජයේ භාණ්ඩත් රැගෙන ගියා යැයි චෝදනාව එල්ල විය හැකි බැවින් ඔහු මෙම පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.
විජේරාම මාවතේ නිවසේ ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික භාණ්ඩ, අග්‍රාමාත්‍ය කාර්යාලයට සහ රාජ්‍ය පරිපාලන ආමත්‍යාංශයට අයත් භාණ්ඩ බව ද පැවසේ.



