එංගලන්ත ආගමික ඉතිහාසයේ ප්‍රථම වතාවට කැන්ටබරි අගරදගුරු පදවියට කාන්තාවක නම්කර තිබේ.
බ්‍රිතාන්‍යයේ අගමැති කීර් ස්ටාර්මර් සිකුරාදා නිවේදනය කළේ එම අගරදගුරු තනතුර සඳහා ලන්ඩනියේ පිෂොප් සාරා මුල්ලලිගේ පත්කිරීමට කර ඇති යෝජනාවට චාල්ස් රජු විසින් අනුමැතිය ලබා දී ඇති බවයි. ඒ අනුව 2026 මාර්තු මාසයේ දී කැන්ටබරි ආසන දෙව්මැදුරේ පවත්වන දේව මෙහෙයක දී ඇය අගරදගුරු පදවියට පත්කෙරෙනු ඇත.
2014 දී කාන්තාවන්ට බිෂොප්වරුන් වීමට අවසර දීමෙන් පසු කැන්ටබරි හි අගරදගුරු පදවියට තේරී පත් වූ පළමු කාන්තා කාන්තාව මුල්ලලි ය.
එංගලන්ත පල්ලියේ අධ්‍යාත්මික නායකයා ලෙස, කැන්ටබරි අගරදගුරුතුමා රටවල් 165 ක් පුරා මිලියන 85 ක පමණ ජනතාවකින් යුත් ගෝලීය ඇන්ග්ලිකන් ප්‍රජාවකට නායකත්වය දෙයි.
ඇයගේ පත්වීමෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් මුල්ලලි මෙසේ පැවසුවාය “මෙම නව දේවසේවයට ක්‍රිස්තුස් වහන්සේගේ කැඳවීමට මම ප්‍රතිචාර දක්වන විට, මම නව යොවුන් වියේදී ඇදහිල්ලට පැමිණි දා සිට මා පෙලඹවූ දෙවියන් වහන්සේට සහ අන් අයට සේවය කිරීමේ ආත්මයෙන්ම බැඳී සිටිිමි. ඒ ගමනේ සෑම අදියරකදී ම, මගේ හෙද වෘත්තිය සහ ක්‍රිස්තියානි දේවසේවය හරහා, මිනිසුන්ට ගැඹුරින් සවන් දීමට සහ දෙවියන් වහන්සේගේ මෘදු පෙළඹවීමට – බලාපොරොත්තුව සහ සුවය සොයා ගැනීමට මිනිසුන් එක්රැස් කිරීමට මම ඉගෙනගෙන තිබෙනවා.”
2001 වර්ෂයේ දී පළමු වරට පැවිදිබව ලබාගත් මුල්ලලි 2018 දී ලන්ඩනයේ පළමු කාන්තා බිෂොප්වරිය බවට පත්වූවා ය. පල්ලියට සම්බන්ධ වීමට පෙර විශේෂඥ පිළිකා හෙදියක් වූ ඇය, වයස අවුරුදු 37 දී එංගලන්තයේ, රජයේ ලාබාලතම ප්‍රධාන හෙද නිලධාරිනිය බවට පත්වීමට ද සමත්වූවා ය.
මුල්ලලිගේ පත්වීම සිදුවන්නේ, පල්ලිය හා සම්බන්ධ ළමා අපයෝජකයෙකුගේ නඩුව හැසිරවීම සම්බන්ධයෙන් එල්ල වූ අපකීර්තිමත් වාර්තාවකින් පසුව, හිටපු අගරදගුරු ජස්ටින් වෙල්බි ඉල්ලා අස්වී මාස 11 කට පසුවයි.



