-5.2 C
New York

කොටස් මිල දර්ශකය ඒකක 22,000ට ආසන්න වෙයි

Published:

කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 38,899ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,515ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 100කින් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,951ක්  ලෙසිනි. ඒ අනුව කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ වාර්තා විය.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 892
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 63
  • ඇක්සස් ඉන්ජිනියරිං සමාගම රුපියල් මිලියන 346

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා වෙන්චර් එනර්ජි සමාගම කොටස් මිලියන 12
  • කේබල් සොලියුෂන් සමාගම කොටස් මිලියන 11
  • යූූබී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඩයලොග් ෆයිනෑන්ස් සමාගම 16 %
  • යූබී ෆිනෑන්ස් සමාගම 10%
  • සීටී ලෑන්ඩ් සමාගම 09%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 390
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 313
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 313

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 191ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 145කකොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 46ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 82
  • ලංකා මිල්ක් ෆුඩ් සමාගම් රුපියල් මිලියන 38
  • කේබල් සොලියුෂන් සමාගම රුපියල් මිලියන 29

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • හේලීස් සමාගම රුපියල් මිලියන 73
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 20
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 05

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img