කොටස් වෙළෙඳ පොළ අද (01) දිනයේ ගනුදෙනු 40,714ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,464ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 722කින් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,851ක් ලෙසිනි. ඒ අනුව කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ වාර්තා විය.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 450
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 364
- රිල් ප්‍රොපටීස් සමාගම රුපියල් මිලියන 347
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එල්සීඩී ෆයිනෑන්ස් සමාගම කොටස් මිලියන 18
- කොටගල වැවිලි සමාගම (R) කොටස් මිලියන 15
- ගලධාරී හෝටල් සමාගම කොටස් මිලියන 15
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- කොටගල සමාගම ( R ) සමාගම 112 %
- ඔටෝඩ්‍රෝම් සමාගම 19%
- කැන්ඩි හෝටල් සමාගම 16%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 394
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 314
- සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 312
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 212ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 121කකොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 90ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 48
- පෑන් ඒෂියා බැංකුව රුපියල් මිලියන 32
- ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 30
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- හේලීස් සමාගම රුපියල් මිලියන 37
- එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 24
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 13
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



