-5.2 C
New York

කෝටි 10ක “උරුමය” ඔප්පු වංචාවේ, තවත් සැකකරුවකු අල්ලයි

Published:

“උරුමය” වැඩසටහන යටතේ ඔප්පු සහතික ලබා දෙන බව පවසමින් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගනිමින් රුපියල් මිලියන 100කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධ සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු උරුමය ඔප්පුවක් සඳහා රුපියල් ලක්ෂ 06ක මුදලක් එක් අයකුගෙන් ලබාගැනීමට මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුට සහාය වී ඇතැයි ද අනාවරණය වී තිබේ.

පොලිසිය සඳහන් කළේ සැකකරුගේ බැංකු ගිණුම්වල රුපියල් මිලියන 15ක පමණ තැන්පත් කර ඇති බවයි. කල්මුණේ ප්‍රදේශයේ පුද්ගලයන් 164 දෙනකුගෙන් ඔහු මුදල් ලබාගෙන ඇති බවට ද හෙළිදරව් වී ඇත. එමෙන් ම ඔහු පුද්ගලයන් 50 දෙනකු පමණ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වූ සිරිකොතට රැගෙන ගොස් ඇති බව ද මෙම මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු වන මාතලේ පදිංචි කාන්තාවක් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img