-5.2 C
New York

කොටස් වෙළෙඳ පොළ අඛණ්ඩව ඉහළට

Published:

කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 39,024ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,304ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 102කින් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,778ක්  ලෙසිනි. ඒ අනුව කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ වාර්තා විය.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හොටෙල් කෝපරේෂන් සමාගම  රුපියල් මිලියන 510
  • ඩිමෝ සමාගම රුපියල් මිලියන 385
  • පික් මී සමාගම රුපියල් මිලියන 247

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • හොටෙල් කෝපරේෂන් සමාගම කොටස් මිලියන 10
  • කොටගල වැවිලි සමාගම (X) කොටස් මිලියන 07
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඩිමෝ සමාගම 19 %
  • පැරගන් සමාගම 19%
  • හොටෙල් කෝපරේෂන සමාගම 12%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 392
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 312
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 309

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 284ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 646කකොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 362ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හොටෙල් කෝපරේෂන් සමාගම රුපියල් මිලියන 99
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 24
  • මෙල්ස්ටර් කොප සමාගම රුපියල් මිලියන 22

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඩිමෝ සමාගම රුපියල් මිලියන 230
  • සන්ෂයින් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 80
  • ඇක්සස් සමාගම රුපියල් මිලියන 66

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img