-5.2 C
New York

පක්ෂ අරමුදලට වැටුප යැවූ ජනාධිපති ඇතුළු මන්ත්‍රීවරුන්ට එරෙහිව අල්ලස් චෝදනා

Published:

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේගයේ සිියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මන්ත්‍රීවරුන්ට හිමි මාසික වැටුප් සහ දීමනා පක්ෂ අරමුදලට ලබාදීමෙන් මහජන දේපළ අවභාවිතා කිරීමේ වරද සිදුකරන බව පවසමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ අද (29) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කළෙය.

ඔහු එම පැමිණිල්ල මගින් පවසන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් තමන්ට හිමි වැටුප් පක්ෂ අරමුදලට ලබාදීමෙන් දේශපාලන කටයුතු සඳහා එය යොදවන බවයි. හිටපු අමාත්‍ය ගම්මම්පිළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යවෙත අදහස් දක්විම්න කියා සිටියේ පාර්ලිමේන්තු ම්නත්‍රීවරුන්ට ලැබෙන වැටුප් සහ දීමනා තමන්ට කැමති ලෙස එවැනි කටයුතු සඳහා වියදම් කළ නොහැකි බවයි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 159 දෙනා විසින් මාසිකව රුපියල් කෝටි 03කට වඩා වැඩි මුදලක් පක්ෂ අරමුදල වෙත බැර කර එය දේශපාලන කටයුතු වෙනුවෙන් යොදා ගැනීම මහජන මුදල් අවභාවිතා කිරීමක් වන බවත් ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඉල්ලා තමන් අල්ලස් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් ඔහු කීවේ ය.

එහි දී ඔහු මෙසේ ද කීවෙය.

“මේ මුදල් දුරකතන බිල් ගෙවන්න, ඉන්ධන, සහ කාර්යාල නඩත්තු කරන්න යොදන මුදල් පක්ෂ අරමුදලට යවලා දේශපාලන කටයුතුවලට යොදා ගැනීම මහජන මුදල් අවභාවිතා කිරීමක්. මාසෙකට කෝටි 3කට වඩා වැඩි මුදලක් සියලුම මන්ත්‍රීවරු 159 දෙනාගෙත් ජනාධිපතිවරයා ඇතුළු 160 දෙනාගේත් මහජන මුදල් අවභාවිතා කිරීමේ දූෂණය සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා මේ 160 දෙනාටම නීතිය ක්‍රියාත්මක කරන්න කියලායි අපි අද අල්ලස් කොමිසමට ආවේ.”

Related articles

Recent articles

spot_img