-5.2 C
New York

මහාචාර්ය ඇමතිගේ, මන්ත්‍රීධූරය බල රහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම සළකා බැලීමට තීරණය කරයි

Published:

රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයකු ලෙස කටයුතු කරමින් සිටිය දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස මහාචාර්ය උපාලි පන්නිලගේ පත්වීම් ලබා ඇති බැවින් ඔහුගේ මන්ත්‍රීධූරය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සළකා බැලීම ලබන පෙබරවාරි 27 වැනි දා යළි කැඳවීමට අභියාචනාධිකරණය අද (29) තීරණය කළේය.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් විසිනි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කාර සහ වග උත්තරකාර පාර්ශවයේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන වසරේ පෙබරවාරි මස 27 වනදා කැඳවන ලෙස නියම කළේය.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් මහ මැතිවරණයෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් ආචාර්ය උපාලි පන්නිලගේ පත්කර ඇති බවයි. එලෙස පත්වීම සිදුකරන අවස්ථාවේ දී මහාචාර්ය උපාලි පන්නිලගේ රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයකු වශයෙන් සේවය කරමින් සිටි බවට තොරතුරු ලැබී ඇති බවත් පෙත්සම්කරු පවසයි.

එම තත්ත්වය මැතිවරණ නීතියට පටහැනි  බැවින් උපාලි පන්නිලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රි ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස  පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

Related articles

Recent articles

spot_img