-5.2 C
New York

කොටස් වෙළෙඳ පොළ වාර්තා තබයි

Published:

කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 35,900ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,254ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 77කින් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,676ක්  ලෙසිනි. ඒ අනුව කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ වාර්තා විය.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

•          ප්‍රයිම් ලෑන්ඩ් සමාගම  රුපියල් මිලියන 172

  • කොටගල වැවිලි සමාග සමාගම (X) රුපියල් මිලියන 144

•          ඒඑම්එස් කොමපැනි ලිමිටඩ් සමාගම රුපියල් මිලියන 135

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

•          කොටගල වැවිළි සමාගම (X) කොටස් මිලියන 14

•          එච්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 12

•          රේණුක ෆුඩ්ස් සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

•          ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 25%

•          මර්චන්ට් ෂිපිං සමාගම 24%

•          සිලෝන් ප්‍රින්ටර්ස් සමාගම 19%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

•          ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 394

•          කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 312

•          සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 308

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 62ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 77කකොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 15ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

•          ගෝල්ෆේස් කැපිටල් සමාගම රුපියල් මිලියන 23

•          හැටන් නැෂනල් සමාගම රුපියල් මිලියන 15

•          ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 06

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

•          ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 31

•          සම්පත් බැංකුව රුපියල් මිලියන 08

  • බුකිත් ධාරා සමාගම රුපියල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img