spot_img
spot_imgspot_img

LPL පැමිණි විදෙස් ක්‍රීඩකයන් අතර ආසාදිත වූ අයත්

පුවත්

විදෙස්

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගීවීමට සිටි ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් කිහිප දෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තරඟාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ.

එමෙන් ම ශ්‍රී ලංකා 20-20 නායක ලසිත් මාලිංග ද තරඟාවලියෙන් ඉවත්වීමට තීරණය කර ඇති අතර මාලිංග පවසන්නේ මේ වසරේ පැවැති කොදෙව් තරඟාවලියෙන් පසු ක්‍රීඩාවට යොමුවීමට හෝ පුහුණුවීමක නිරතවීමට හෝ තමන්ට අවස්ථාව නොලැබුණු බවයි.

පන්දු යවන්නකුට පුහුණුවක් නොමැතිව ඉහළ මට්ටමේ තරඟාවලියක් සඳහා සහභාගීවීමට පහසු නොවන බව ද හෙතෙම පවසා ඇත. මේ අතර තරඟාවලියට සහභාගීවීමට පැමිණි කැනඩාවේ රවීන්ද්‍රපාල් සිං කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඔහු කලම්බු කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට පැමිණියේය. එම කණ්ඩායමට ම පැමිණි අන්ඩ්‍රේ රසල් ද සිං සමග එකම ගුවන්යානයක පැමිණ ඇති බැවින් මේ වනවිට රසල් ද නිරෝධායනයට යොමුකර තිබේ.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කරන පකිස්තානු ක්‍රීඩක සොහෙල් කන්වීර් ද කොවිඩ් ආසාදිත බව අනාවරණය වී ඇත. මේ අතර දකුණු අප්‍රිකාව, පකිස්තානය, එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය නියෝජනය කරන ක්‍රීඩකයන් 08 දෙනකු ඊයේ (19) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් පීසීආර් පරීක්ෂණයට යොමුකර නිරෝධායයට යවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!