මෑතකදී කොළඹ පැවති සත්‍යග්‍රහයකට සහභාගී වීමෙන් පසු පොලිස් නිලධාරියෙකුට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද (29) උදෑසන කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
පොලිස් රාජකාරිවලට බාධා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක කොටසක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය තහවුරු කළේය.
අත්අඩංගුවට ගැනීමෙන් පසු, අර්චුනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, ඇපකරුවන් දෙදෙනෙකුගේ ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.



