ආසියානු කුසලාන තරඟාවලියේ ශූරතාවය ඉන්දීය කණ්ඩායම විසින් ජයග්‍රහණය කළ ද එහි කුසලානය ප්‍රතික්ෂේප කළ ඔවුන් කුසලානය නොමැතිව ජයග්‍රහණය සමරනු දක්නට ලැබිණි.
පකිස්තාන ස්වදේශ කටයුතු අමාත්‍ය සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්වි විසින් කුසලානය ප්‍රදානය කිරීමට සැළසුම් කර තිබූ අතර ඉන්දීය කණ්ඩායම ඔහුගේ අතින් කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේය.
ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටියේ “පකිස්තානයේ අමාත්‍යවරයකු වූ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාගේ අතින් කුසලානය ලබා නොගැනීමට අප තීරණය කර තිබෙනවා” යනුවෙනි.
ඒ අනුව, “අද රාත්‍රියේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ කුසලානය ලබා නොගන්නා බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය මට දැනුම් දී තිබෙනවා” යැයි නිවේදකයා ද කියා සිටියේය.
උත්සවයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පැවසුවේ තමන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත් දා සිට ශූර කණ්ඩායමකට කුසලානයක් අහිමි වීම තමන් දැක නොමැති බවයි.
කෙසේ වෙතත් ආසියානු කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ ඉන්දීය කණ්ඩායම කුසලානය නොමැතිව සිය ජයග්‍රහණය සමරනු ලැබීය.
ඊයේ පැවැති අවසන් තරගයේදී පාකිස්තාන කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 147 ඉලක්කයට පිළිතරු ලෙස ඉන්දීය කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 150ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත්විය.


