හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) තංගල්ල කාල්ටන් නිවසේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවූයේ ය.
එහි ගිය රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමන් කතරගම ගොස් ආපසු කොළඹ යන අතරතුර කාල්ටන් නිවසට පැමිණි බවයි. පසුගිය දා තමන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කළ අවස්ථාවේ දී මහින්ද රාජපක්ෂ දැක් වූ සහයෝගයට ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔහුට ස්තූති කළේය.



