දඹුල්ල, බකමූණ මාර්ගයේ රිදීඇල්ල වන රක්ෂිතය ආසන්නයේ දී කුකුළන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් වන අලියකුගේ ගැටීම හේතුවෙන් ලොරිය පෙරැළී රියදුරා තුවාල ලබා කකුළන් සිය ගණනක් වැඩි ප්‍රමාණයක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
අනතුරට පත් වූ ලොරියේ සහායකයා පොලිසියට පවසා ඇත්තේ එකවරම වනයෙන් එළියට පැමිණි අලියකු මාර්ගය හරහා දිව යාමේ දී රියදුරාට රථය පාලනය කරගත නොහැකිව පෙරැළී ගිය බවයි.
ලොරිය අලියාගේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන ඇත්ද, නැතහොත් අලියා දැක බියට පත් වූ විට රියදුරුට රථය පාලනය කරගත නොහැකි වූවා ද යන්න තවමත් තහවරු වී නැත. තුවාල ලැබූ රියයදුරා දඹුල්ල රෝහලට ඇතුළත් කර සිටියි.
මෙම ලොරියේ ප්‍රවාහනය කරමින් සිට ඇත්තේ මස් සඳහා ඝාතනය කිරීමට නියමිත කුකුළන් තොගයකි. ලොරිය පෙරැළී යාමෙන් ඒ කුකුළන් සිය ගණනක් මියගොස් ඇත.
එම ස්ථානයට පැමිණි වනජීවී නිලධාරීන් කියා සිටියේ අලියාට තුවාල සිදුව ඇත්නම්, ඒ පිළිබඳ සොයා බලා ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බවයි.



