-5.2 C
New York

අම්බලන්තොට ජනතාවට, වතුර නෑ

Published:

වළවේ ගඟේ මසුන් මියයාමේ සිද්ධියක් වාර්තා වීම හේතුවෙන් අම්බලන්තොට ජල පිරිපහදු මධයස්ථානයේ කටයුුත මේ වනවිට තාවකාලිකව නවතා දමා ඇත.

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ ස්ප්‍රීතු නිෂ්පාදන සඳහා යොදා ගන්නා වළවේ ගඟේ ජලයට එකතුවීම හේතුවෙන් මෙලෙස මසුන් මියයන්නට ඇතැයි සැකයක් පවතී.

ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකරන තුරු අම්බලන්තොට ජල පිරිපහදුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසයි. දැනට පිරිපහදු කර ඇති ජලය ප්‍රමාණවත් වන්නේ අද (26) සවස 5.00 පමණ දක්වා බව ද ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය පවසයි.

පවතින තත්ත්වය තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ද තත්ත්වය යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකි වුවහොත් නැවතත් ජල පිරිපහදු කටයුතු සිදුකිරීමටත් හැකි වනු ඇතැයි ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය දැනුම් දෙයි.

Related articles

Recent articles

spot_img