මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් ඊයේ (24) රාත්‍රියේ කඩා වැටීමෙන් භික්ෂූන් වහන්සේලා 07 දෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මියගිය භික්ෂූන් තිදෙනකු විදේශිකයන් වන අතර ඔවුන් ඉන්දියාව, රුමේනියාව සහ රුසියාවේ අය බවත් සඳහන් වේ. මියගිය විදේශීය භික්ෂූන් දෙදෙනකුගේ සිරුරු ගොකරැල්ල රෝහලේත් මියගිය අනෙක් භික්ෂූන් 05 දෙනාගේ සිරුරු කුරුණෑගල රෝහලේත් තැන්පත් කර ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ දී එම ඩක්කුවේ 13 දෙනකු ගමන් කරමින් සිට ඇතැයි ද වාර්තා වේ. පොලිසිය සඳහන් කරන්නේ ධාරිතාව ඉක්මවා ගමන් කිරීම හේතුවෙන් මෙලෙස ඩක්කුව කඩා වැටෙන්නට ඇති බවයි.



