කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 31,778ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5568ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 55ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,338ක් ලෙසිනි. ඒ අනුව කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ වාර්තා විය.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
• වැලිබල් වන් සමාගම රුපියල් මිලියන 558
- ජෙට්වින් සිම්පනි සමාගම රුපියල් මිලියන 308
• බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 306
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
• බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම මිලියන 37
• ජෙට්වින් සිම්පනි සමාගම කොටස් මිලියන 17
• යූ.බී. ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 14
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
• මර්චන්ට් ෂිපිං සමාගම 25 %
• යූ.බී.ෆිනෑන්ස් සමාගම 17%
• යෝර්ක් ආකේර්ඩ් සමාගම 11%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
• ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 395
• කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 314
• සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 299
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 152ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 270ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 118ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
• ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 39
• පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 24
• ෆස්ට් කැපිටල් සමාගම රුපියල් මිලියන 15
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
• සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 158
• ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 78
• සම්පත් බැංකුව රුපියල් මිලියන 06
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



