කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 38,759ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6563ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 55ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,282ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
• බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 696
• එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 470
• වැලිබල් වන් සමාගම රුපියල් මිලියන 426
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
• බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම මිලියන 62
• කැල් හේල්ටින් සමාගම කොටස් මිලියන 21
• යූ.බී. ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 11
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
• එස්එන්බී ලීසිං සමාගම (X) 33 %
• ඩිමෝ සමාගම 11%
• ඇග්ස්ටාර් පොහොර සමාගම (X) 09%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
• ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 406
• කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 312
• සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 299
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 339ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 277ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 71ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
• ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 158
• කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 76
• ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 16
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
• සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 63
• ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 57
• කැල් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 46
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



