ආගමන විගමන පාලක ලෙස කටයුතු කළ හර්ෂ ඉලුක්පිටිිය අධිකරණයට අපහාස කළේ යැයි චෝදනාවට වරදකරු කරමින් ඔහුට වසර 02ක සිර දඬුවමක් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් මෙම තීන්දුව ලබා දී ඇත.
වග උත්තරකාර හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට බරපතළ අපහාසයක් සිදුකර තිබෙන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.
පසුගිය රජය කාලයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව වීසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.
එම අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.



