හුණුවටයේ කතාවේ අසඩක් චරිතයට පන පෙවූ ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල අද (23) උදෑසන මහරගම අපේක්ෂා රෝහලේ දී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.
මියයන විට 57 වැනි වියේ පසු වූ ඔහු දෙදරු පියෙකි.
වේදිකා නාට්‍යය, සිනමාව සහ ටෙලි නාට්‍ය යන අංශ තුනෙහිම සිය ප්‍රතිභාව විදහාලූ නලින් ප්‍රදීප් උඩවෙල ‘හුණුවටය’, ‘ජූරිය’, ‘කැලණි පාලම’, ‘මෝදර මෝල’ සහ ‘මී හරක්’ ‘සුද්දෙක් ඔබ අමතයි’ වැනි වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ ඔහු ‘අකුරු මැකී නෑ’, ‘අපර්ණා’, ‘බට්ටි’, ‘ඇත් කඳ ලිහිණි’, ‘ඉසුරු පවුර’, ‘කසී සලු’, ‘මොනරවිල’, ‘නිසලවිල’, ‘සුදු හාමිනේ’ සහ ‘සුවඳ පද්ම’ ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවකට ද රංගනයෙන් දායක වූයේ ය. එමෙන් ම ‘නිසල විල’, ‘තාරකා මල්’ සහ ‘ආසයි මං පියාඹන්න’ යන නිර්මාණවලදී දැක්වූ දක්ෂතා වෙනුවෙන් සම්මානයට පාත්‍ර වී ඇත.
දේශපාලනයට සම්බන්ධ වූ නලින් ප්‍රදීප් උඩවෙල බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස ද කටයුතු කළේය. කාලයක් එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම ආසන සංවිධායකවරයා වූ හෙතෙම පසුව සමගි ජන බලවේගයට සම්බන්ධව කටයුතු කළේය.
අවසන් කටයුතු පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නැති බව පවුලේ ඥාතීන් පවසයි.




