-5.2 C
New York

කොටස් වෙළෙඳ පොළ අඛණ්ඩව ඉහළට

Published:

කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 43,393ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 8,076ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 141ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,226ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සියරා කේබල් සමාගම රුපියල් මිලියන 1,779
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 572
  • ජෝන් කීල්ස් සමාගම  රුපියල් මිලියන 505

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සියරා කේබල් සමාගම සමාගම මිලියන 57
  • එච්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 26
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 25

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එක්ස්ටර්මිනේටර් සමාගම 21%
  • සෙංකඩගල ෆිනෑන්ස් සමාගම 21%
  • සිංගර් ෆිනෑන්ස් ® සමාගම 11%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 413
  • කමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 313
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 299

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 660ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 76ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 584ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 425
  • ඇක්සස් ඉන්ජිනියරිං සමාගම රුපියල් මිලියන 211
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 05

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ටෙක්සර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 29
  • ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 17
  • ජනශක්ති සමාගම රුපියල් මිලියන 07

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img