වසර 20කට වැඩි කාලයක් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය අයකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව, දෙල්දූව ප්‍රදේශයේ පදිංචි හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ශ්‍රී තලරුක්ඛාරාම විහාරය අසළ සහන සේවය නමින් වෛධ්‍ය මධයස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙනත් වෛද්‍යවරයකුගේ අංකයක් වංචනික ලෙස භාවිතා කරමින් ඔහු රෝගීන්ට ප්‍රතිකාර කර ඇති බව පොලිසිය පවසයි. ඔහු ප්‍රතිකාර කරගෙන ගිය මධ්‍යස්ථානයේ බලපත්‍ර නොමැති ඖෂධ තොගයක් ද තිබූ බව පොලිසිය කීවේය.



