තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් හමුවූ බව පොලිසිය කියයි.
එම ස්ථානයේ සිදුකළ විමර්ශනවලදී නිවස අසළ නවතා තිබූ ලොරියක තිබී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 10ක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
මෙම විමර්ශන සිදුකරන අතරතුර එම නිවසේ සිටි පුද්ගලයකු හදිසියේ ම අසනීප වී ඇති අතර තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගිය බව ද පොලිසිය කීවේය.
තංගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



