-5.2 C
New York

වත්කම් හා බැරකම් ප්‍රකාශ නොදුන් අය මෙන්න

Published:

වත්කම් හා බැරකම් ප්‍රකාශ 2025 මාර්තු 25 වැනි දින වනවිටට අල්ලස් හෝ දූෂණ චේදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතු වුව ද 2024 වර්ෂයට නියමිත එම ප්‍රකාශ ලබා නොදුන් පුද්ගලයන් 42 දෙනකු පිළිබඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිය වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.

හිටපු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, හිටපු ආණ්ඩුකාරවරුන් වන මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක,  සෙන්තිල් තොණ්ඩමන්, නවීන් දිසානායක, විලී ගමගේ, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන තාරක බාලසූරිය, ශාන්ත බණ්ඩාර, කාදර් මස්තාන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, සුරේන් රාඝවන් සහ මියගිය ලොහාන් රත්වත්තේ සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ නියමිත දිනට භාර දී නැත.

මීට අමතරව හිටපු තානාපතිවරුන් 29 දෙනෙකු සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ද වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නැත.

Related articles

Recent articles

spot_img