-5.2 C
New York

ඇල්ල මරානන්තික අනතුරේ සම්පූර්ණ වාර්තාව සකසා අවසන්

Published:

ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී පසුගිය 04 වැනි දා 16 දෙනකුට ජීවිත අහිමිකරමින් සිදු වූ බස් රථ අනතුර සම්බන්ධ සම්පූර්ණ වාර්තාව මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව විිසින් අවසන් කර තිබේ.

තංගල්ල නගර සභාවේ සේවක සේවිකාවන් පිරිසක් ගිය විනෝද චාරිකාවක දී සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කළ කමිටුව විසින් සකස්කර ඇති එම වාර්තාව තව දින දෙකක් ඇතුළත මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත භාරදීමට නියමිතය.

අනතුර සම්බන්ධයෙන් එම කමිටුව සිදුකළ දිර්ඝ පරීක්ෂා කිරීම්වලින් අනතුරුව වාර්තාව සකස් කර තිබේ.

එම වාර්තාව සකස් කිරීමේ දී අනාවරණය වී ඇත්තේ අනතුරට ලක් වූ බසය නිසි ලෙස නඩත්තු කර නොමැති අතර තිරිංග පද්ධතියේ ද දෝෂ පැවති බව හඳුනාගෙන ඇති බවයි . එමෙන්ම බස් රථයේ රියදුරු අදාළ ප්‍රදේශයේ මාර්ගය පිලිබඳව නිසි දැනුවත් භාවයකින් තොරව කටයුතු කර ඇති බව ද අනාවරණය වී ඇත.

බස් රථය ප්‍රපාතයට පෙරළීමට පෙර ඉදිරිපසින් පැමිණ සුඛෝපභෝගී ජීප් රථයක බසය ගැටී තිබූ අතර එම රථයේ කැමරා දත්ත සොයා බැලුව ද අනාවරණය වී ඇත්තේ එම දත්ත පටිගත වී නොතිබූ බවයි. ඒ පිළිබඳ ජීප් රථයේ නිෂ්පාද සමාගගමෙන් ද වාර්තාවක් කැඳවා තිබිණි. එම සමාගම දැනුම් දී ඇත්තේ එම මාදිලියේ ජීප් රථවල දත්ත කැමරා පද්ධතියේ දත්ත ස්වයංක්‍රීය පටිත කිරීමක් සිදුනොවන බවයි.

Related articles

Recent articles

spot_img