-5.2 C
New York

කරන්දෙණිය සභාපති දිවි සැරිය නිමා කරයි

Published:

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහිල් රංගජීව මුණසිංහ අද (21) උදෑසන මිය ගියේය. උදෑසන ව්‍යායාම සඳහා ඇවිදීමට නිවසින් පිටතට අවස්ථාවේ දී ඔහු කරන්දෙණියේ බොරකන්ද රෝහල අසළ දී මියගොස් ඇති බව ප්‍රදේශවාසීහු කියති.

ජාතික ජන බලවේගයෙන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ද ඉදිරිපත් වූ මහිල් මුණසිංහ පළාත් පාලන මැතිවරණයෙන් පසු කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

එම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද දහවල් සිදුකිරීමට නියමිතය.

Related articles

Recent articles

spot_img