රුපියල් කෝටි 02ක වටිනාකමින් යුතු රත්‍රං තොගයක් සමඟ ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ අයෙකි.
රාජකාරී කරමින් සිටිය දී මෙම රත්‍රං තොගය රහසිගතව ගුවන්තොටුපොළින් පිටතට රැගෙන යාමට උත්සාහ ගනිද්දී ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහු සන්තකයේ තිබී කැරට් 24 රත්‍රං බිස්කට් 40ක් සොයාගෙන ඇති අතර ඒවායේ බර ග්‍රෑම් 550කි.



