ආසියානු කුසලාන තරඟාවලියේ ඊයේ (18) පැවැති තරඟය අතරතුර දුනිත් වෙල්ලාලගේගේ පියාවන හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුරංග වෙල්ලාලගේ අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.
දුනිත්ගේ අතින් ඇෆ්ගනිස්තාන ක්‍රීඩක මොහොමඩ් නබිගේ උඩපන්දුවක් ගිලිහී ගිය අතර ඉනිමේ අවසන් පන්දුවාරය යැවූ දුනිත් නබීගේ දැඩි ප්‍රහාරයකට ලක් විය. එහි දී නබී හයේ පහර 05ක් සමඟ ලකුණු 31ක් උදුරා ගත්තේ තරඟයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් දක්වා කණ්ඩායම ගෙන යමිනි.
සුරංග වෙල්ලාලගේට මේ තත්වය දරාගත නොහැකිව හදිසි හෘදයාබාධයක් ඇතිවන්නට ඇතැයි විශ්වාසයක් පවතී. පියාගේ අභාවය හේතුවෙන් වෙල්ලාලගේට ඉදිරි තරඟ අහිමිවීමට ඉඩ ඇත.



