ත්‍රිකුණාමලය මුහුදු වෙරළට කිලෝමීටර 60ක් පමණ ඊසාන දෙස මුහුදේ අද (18) සවස 4.06ට රිච්ටර් මාපකයේ 3.9ක සුළු භූමිකම්පාවක් ඇති වූ බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශය පවසයි.
මෙය සුළු භූමිකම්පාවක් බැවින් සුනාමි තත්වයක් ඇතිවීමේ හැකියාවක් නොමැති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කීවේය.



