වකුගඩු රෝගීවීම හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයන් අවම වශයේන 05 දෙනකු පමණ මියයන බව ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකය පවසයි.
වකුගඩු රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චින්තා ගුණරත්න පවසන්නේ 2023 වසරේ දී ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 1600කට වැඩි ප්‍රමාණයක් දිගුකාලීන වකුගඩු රෝගී තත්වය හේතුවෙන් මියගොස් ඇති බවයි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇය සඳහන් කළේ වකුගඩු රෝග ලක්ෂණ මතුවීම ප්‍රමාද වන බැවින් බෝ නොවන රෝග සහිත පුද්ගලයින් වකුගඩු පරීක්ෂාවන් සිදුකිරීම අත්‍යවශ්‍ය බවයි.



