හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බෞද්ධ භික්ෂුවක් ඇතුළු තිදෙනකු දින හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොල්ගහවෙල අධිකරණය ඊයේ (17) පොලිසියට අවසර ලබා දී තිබේ.
මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් කරන ලද වැටලීමක දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලව්ව පොලිස් වසමේ විහාරස්ථානයක වාසය කළ වයස අවුරුදු 38ක භික්ෂුවක් සහ වයස අවුරුදු 29 සහ 31 වියේ පසුවන දෙදෙනෙකි. එම භික්ෂුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 300ක් තිබූ බව ද පොලිසිය කියයි. එමෙන් ම අනෙත් දෙදෙනා සතුව ද හෙරොයින් ග්‍රෑම් 17ක් තිබී ඇත.
මෙම සැකකරුවන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකුගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු ඇතැයි පොලිසිය සඳහන් කරයි.



