ශ්‍රී ලංකාවේ අයවැය ක්‍රියාවලියට රටේ ජනතාවත් හවුල් කරගැනීමට ඇති අවස්ථා අකාර්යක්ෂම මෙන්ම අනුගමනය කිරීම ද, අපහසු ය. මෙය 2023 වසරේ දී, කෙරුණු විවෘත අයවැය සමීක්ෂණයේ – අයවැය ක්‍රියාවලියේ මහජන සහභාගීත්වය යන නිර්ණායකය යටතේ ශ්‍රී ලංකාවට ගෙවුණු දශකයේ හිමිවූ අඩුම ලකුණු ප්‍රමාණය හිමිවී තිබීමෙන් තවදුරටත් තහවුරු වේ. එමෙන්ම, එම සමීක්ෂණයේ දී, ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ රටවල් 125ක් අතරින් 82 වෙනි ස්ථානය යි.
අයවැය යෝජනා ඉදිරිපත් කරන්න අලුත්ම ක්‍රමයක්
මෙය සැළකිල්ලට ගෙන වෙරිටේ රිසර්ච් හඳුන්වාදී ඇති ‘Budget Proposals Hub’ වේදිකාව රටේ අයවැය ක්‍රියාවලියට ජනතාවගේ සහභාගීත්වය බලගන්වන, එම ආකාරයේ එකම වේදිකාව යි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පවතින මෙම වේදිකාව ඔස්සේ පාර්ලිමේන්තුවේ අවධානයට නතු කිරීම සඳහා ජාතික අයවැයට යෝජනා ඉදිරිපත් කිරීමට ජනතාවට හැකි අතර, දැනටමත් ඉදිරිපත් කර ඇති යෝජනාවලට මනාපය ලබා දී, ඒවා ඉහළට ගෙන ඒමටත් අවස්ථාව ඇත.
තම තමන්ගේ අනාගතයට ඉතාම දැඩිව බලපාන අයවැය ක්‍රියාවලියට පුද්ගලයින් වශයෙන් සහ සංවිධාන වශයෙන් සහභාගීවීම වඩ වඩාත් දිරිමත් කිරීම මෙම වේදිකාවේ අරමුණ යි. Budget Proposals Hub වේදිකාව සමග එක්වන අයට,
(අ). ක්‍රමවත්ව අයවැය යෝජනාවක් ඉදිපත් කිරීම සඳහා ආකෘතීන් සහ මාර්ගෝපදේශයන් ලබාගැනීමට
(ආ). ආණ්ඩුව සමග සහ පාර්ලිමේන්තුව සමග කටයුතු කිරීමේ දී, අවශ්‍ය සහාය ලබාගැනීමට
(ඇ) තම තමන්ගේ යෝජනා ප්‍රචලිත කිරීමට සහ ඒවාට ජනතා අවධානය දිනාගැනීමට අවස්ථාව ඇත.
මනාපය නිසා හැමෝටම අවස්ථාවක්
Budget Proposals Hub වේදිකාවේ ඇති එක් සුවිශේෂී ලක්ෂණයක් නම් තමන් අනුමත කරන අයවැය යෝජනාවක් වේ නම් එයට පක්ෂව අදහස් දැක්වීමටත් – මනාපය ලබා දී, එම යෝජනාව ඉදිරියට ගෙන යාමටත් පොදුවේ සියලුමදෙනාට ඇති අවස්ථාව යි.
මේ නිසා, අයවැය යෝජනාවක් සම්පාදනය කිරීමට සෑම අයෙකුටම නොහැකි විය හැකි වුවත්, පවතින යෝජනා ඉදිරියට ගෙන යාමට මනාපය පළකිරීමට ඇති හැකියාව නිසා සියලුදෙනාටම අයවැය ක්‍රියාවලියට එකතු විය හැකිය.
භාෂා තුනෙන්ම ඇති මෙම වේදිකාවට Publicfinance.lk වෙබ් අඩවිය හරහා https://bit.ly/Budget_Proposal_Hub යන සබැඳියෙන් දැන් පිවිසිය හැක.
2026 අයවැය ඉලක්ක කරගත් යෝජනා ඉදිරිපත් කරන ලෙසත්, නොඑසේ නම් පවතින යෝජනාවලට මනාපය දී, ඒවා ඉදිරියට ගෙන එන ලෙසත් සියලුදෙනාට ආරාධනා කරන වෙරිටේ රිසර්ච්, මේ ව්‍යායාමයට සහාය දක්වන ලෙසත් සමාජයේ සියලු ස්ථරයන්ගෙන් ඉල්ලා සිටී. වැඩිදුර විස්තර [email protected] යන ලිපිනයෙන් විමසිය හැකි ය.



