-5.9 C
New York

කොළඹ ජල කප්පාදුව අත්හිටුවයි

Published:

කොළඹ නගර සීමාව ඇතුළු ප්‍රදේශ ගණනාවකට හෙට (18) දිනයේ ජලය කප්පාදු කරන බවට ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය කලින් නිවේදනය කර තිබුණ ද එම ජල කප්පාදුව අවලංගු කර තිබේ.

අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීමට සිදුවන බැවින් අඹතලේ ජල පවිත්‍රාගාරය මඟින් සැපයෙන ජලය අත්හිටුවීමට සිදුව ඇතැයි කලින් දැනුම් දී තිබිණි. නමුත් පසුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පහත සඳහන් ප්‍රදේශ වල ක්‍රියාත්මක වීමට තිබු ජල කප්පාදුව සිදු නොවන බවය.

ජල සැපයුම අත්හිටු වීම සිදු නොවන ප්‍රදේශ :

*කොළඹ 01 සිට 15 දක්වා

* බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මුල්ලේරියාව, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව.

අවශ්‍ය නම් 1939 දුරකථන අංකයෙන් ඇමතුම් මධ්‍යස්ථානය අමතා වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

Related articles

Recent articles

spot_img