ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය මෙම වර්ෂයේ දී ගෝලීය වශයෙන් තවදුරටත් පහළ වැටී ඇත. 2025 දී නිකුත් කරන ලද හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය මේ වනවිට 97 වැනි ස්ථානයට පත්ව ඇති අතර පසුගිය 2024 වර්ෂයේ දී එය පැවැතියේ 96 වැනි ස්ථානයේ ය.
ඒ අනුව ශ්‍රී ලංකාවට ගමනාන්ත 41 කට වීසා රහිත ප්‍රවේශය ලබා දෙයි.
ලොව වඩාත්ම විශ්වසනීය විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම ලෙස සැලකෙන හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය, පූර්ව වීසා බලපත්‍රයක් නොමැතිව ප්‍රවේශ විය හැකි රටවල් ගණන මත පදනම්ව, ගමනාන්ත 227කට සාපේක්ෂව විදේශ ගමන් බලපත්‍ර 199ක් තක්සේරු කර තිබේ.



