-5.9 C
New York

පාසල් සිසුන්ට, කොන්ඩම් භාවිතය ගැන අවබෝධය දීම අධ්‍යාපන ලොක්කෝ මඟ හරිති. සෞඛ්‍ය අංශයෙන් දිගටම බලපෑම්

Published:

ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට කොන්ඩම් භාවිතය හඳුන්වා දීම පිළිබඳ සාකච්ඡාව ඇණහිට ඇති අතර, මූලික සාකච්ඡා වටයේ සිට කිසිදු ප්‍රගතියක් ලබා නොමැති බව ඩේලි මිරර් පුවත්පතට වාර්තා වේ.

මූලික සාකච්ඡාවෙන් පසු කිසිදු ප්‍රගතියක් ලබා නොමැති බව ඉහළ පෙළේ මූලාශ්‍රයක් ඩේලි මිරර් වෙත පැවසීය.

HIV සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STI) වැළැක්වීමේ පියවර පන්ති කාමර ඉගැන්වීමට ඒකාබද්ධ කිරීමට උත්සාහ කරන යෝජනාව සම්බන්ධයෙන් සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ අතර මත ගැටුමක් හටගෙන ඇත.

ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට කොන්ඩම් භාවිතය ඇතුලු උපත්පාලන ක්‍රම සහ ලිංගාශ්‍රිත රෝගවලින් වැළකී සිටීමේ අවබෝධය ලබාදීම සඳහා සෞඛ්‍ය බලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් අතර මූලික සාකච්ඡා පැවැත්විණි. සෞඛ්‍ය අංශයේ යෝජනාව වන්නේ පන්ති කාමර ඉගැන්වීමට එය එකතුකළ යුතු බවයි.

නමුත් මේ සම්බන්ධ මූලික සාකච්ඡාවෙන් පසු මේ දක්වා කිසිදු ඵලදායී ක්‍රියාමාර්ගයක් ගෙන නැත. මෙය පන්තිකාමර ඉගැන්වීමට ඇතුළත් කරන ලෙස සෞඛ්‍ය අංශ බලපෑම් කළ ද අධ්‍යාපන බලධාරීන් අඛණ්ඩ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උපුටා දක්වින් එම පියවර ප්‍රමාද කරමින් සිටින බව ද දැනගන්නට ඇත. එබැවින් මේ යෝජනාව තවදුරටත් ක්‍රියාත්මක කිරීම ගැටලුවක් වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් පාලන වැඩසටහන මෑතකදී නිර්දේශ කළේ කොන්ඩම් භාවිතය, පූර්ව නිරාවරණ වැළැක්වීම (PrEP) සහ පශ්චාත් නිරාවරණ වැළැක්වීම (PEP) ඇතුළු ලිංගාශ්‍රිත රෝග වැළැක්වීමේ පියවර පිළිබඳ සිසුන්ට විධිමත් ලෙස අවබෝධය ලබා දිය යුතු බවයි.

ඒ අනුව, ජාතික අධ්‍යාපන ආයතනය (NIE) 10 ශ්‍රේණියේ විද්‍යා පෙළපොතට අන්තර්ගතය ඇතුළත් කිරීම සඳහා යෝජනා කෙටුම්පත් කර ඇති අතර, එමඟින් විෂය නිර්දේශයේ පවතින හිඩැස් පියවීම සඳහා වයසට ගැළපෙන, සාක්ෂි මත පදනම් වූ දැනුම ලබා දීම අරමුණු කර ගෙන ඇත.

ජාතික ඒඩ්ස් කවුන්සිලයේ IEC, උපදේශන සහ කොන්ඩම් ප්‍රවර්ධන කමිටුව විසින් මෑතකදී කරන ලද සමාලෝචනයකින් “වර්තමාන විෂය නිර්දේශයේ බරපතල අඩුපාඩු” සලකුණු කර ඇති අතර, ප්‍රධාන වැළැක්වීමේ උපාය මාර්ග පිළිබඳව සිසුන් ප්‍රමාණවත් ලෙස දැනුවත් කර නොමැති බවට අනතුරු අඟවයි.

Related articles

Recent articles

spot_img