අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබාගන්නා ප්‍රධාන තුළුමුව පොමිපාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීමට සිදුවන බැවින් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) ජලය සැපයීමට නොහැකිවනු ඇතැයි ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව කොළඹ 01 සිිට 15 දක්වා සියලු ප්‍රදේශවල හෙට (18) උදෑසන 10.00 සිට රාත්‍රී 07.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව නිවේදනය කර ඇත.
මීට අමතරව, බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.



