මාගම්පුර වරාය කළමනාකරණ සමාගම පුද්ගලික බැංකුවකින් ලබාගෙන ඇති ණය මුදලක් නොගෙවීම හේතුවෙන් එම සමාගම ඈවර කිරීමට තීරණය කර ඇතැයි කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබේ.
මෙම නොගෙවා පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි 683කි. එම මුදල අයකරගැනීම සඳහා අදාළ බැංකුව වරාය කළමනාකරණ සමාගමට එරෙහිව නඩු දෙකක් පවරා ඇත.
අල්ලස් හෝ දූෂෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ද එම කරුණු සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර සමාගම සඳහා ඈවරකරුවකු පත්කර ඇත්තේ 2022 ජුනි මස දී ය.
වරාය අධිකාරිය පවසන්නේ අදාළ සමාගම ඈවර කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බවයි.
වරාය කළමනාකරණ සමාගම ඈවර කිරීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකි යැයි කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර පෙන්වා දෙයි.
මෙම කරුණ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් පවත්වා අදළ නිලධරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අභ්‍යන්තර විගණන අංශය නිවැරදිව අධීක්ෂණයට ලක්කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් කෝප් කමිටුව නිර්දේශ කර ඇත. මේ සම්බන්ධයේන ගන්නා තීරණ ඇතුළත් කර වාර්තාවක් කාරක සභාවට ලබාදෙන සෙට ද මෙහි දී නිර්දේශ කෙරිණි.



