පිලිපීනයේ මැනිලා නගරයේ නිවාස 1000ක් පමණ ගිනිගෙන විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පැල්පත් නිවාසවල හටගත් ගින්න නිවා දැමීමට පැය 10කට අධික කාලයක් ගත වූ බව ද වාර්තා වේ. ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැතත් නිවාස 1100ක පමණ සිටි ජනතාව අවතැන්ව සිටිති. ඔවුහු මේ වනවිට රජයේ පාසල් සහ කාර්යාලවල පිහිටුවා ඇති තාවකාලික කඳවුරුවලට යොමුකර ඇත.



