මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක තිබිය දී බාගත් රසායනික ද්‍රව්‍ය සාම්පල 20න් 17ක ම අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් පොලිසියට ලබා දී ඇති වාර්තාවෙන් අනාවරණය වෙයි.
අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් කිහිප දෙනකුගෙන් ලැබුණු තොරතුරු අනුව මෙම රසායනික ද්‍රව්‍ය තොගය පසුගිය සැප්තැම්බර් 06 වැනි දා සොයා ගන්නා ලද්දේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසිනි.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සසහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගලගේ සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වාගේ මෙහෙයවීම යටතේ මෙම කරුණු අනාවරණය කරගෙන තිබුණි.
අනතුරුව අදාළ රසායනික ද්‍රව්‍ය සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමුකර තිබුණි.
ඒ අනුව අදාළ සාම්පල සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තාව පසුගිය සිකුරාදා පොලීසියට භාරදී ඇත.



