ආසියානු කුසලාන තරඟාවලියේ දී බංග්ලාදේශය කඩුලු 04කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ නවතම විස්සයි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පියවරක් ඉදිරියට පැමිණ තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාව මේ වනවිට එහි 07 වැනි ස්ථානයේ රැඳී සිටින අතර පකිස්තානය 08 වැනි ස්ථානයට පහත වැටී ඇත. එම ශ්‍රේණිගත කිරීම්වල තවමත් පළමු ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවයි. ඕස්ට්‍රේලියාව දෙවැනි ස්ථානයේ සිටින අතර එංගලන්තය තුන්වැනි ස්ථානයේ සිටියි.



