ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී පසුගිය 04 වැනි දා රාත්‍රියේ සිදු වූ අනතුරින් තුවාල ලබා සිටි තත් කාන්තාවක් මියගිය බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍යාමලී ගමගේ නමැති 43 හැවිරිදි කාන්තාවකි. ඒ අනුව අනතුරින් මියගිය සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගොස් ඇත.
18 දෙනකු තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි අතර තවදුරටත් එක් අයකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද බදුල්ල රෝහලේ ප්‍රකාශකයකු කීවේය.



