පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා 2025 වර්ෂයේ දී සිසුන් ඇතුළත් කිරීම සඳහා 27/2025 චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබේ.
එම චක්‍රලේඛය අනුව ජාතික පාසල්වල 2025 අධ්‍යයන වර්ෂය සඳහා 01, 05 සහ 06 ශ්‍රේණි සඳහා හැර අනෙක් ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම ඒ ඒ පාසල්වල ඇති පුරප්පාඩු සංඛ්‍යාව අනුව සිදුවෙයි. සිදුවෙයි.
2025 ජුනි 30 දිනට ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පවත්නා පුරප්පාඩු ද අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කෙරේ. එම පුරප්පාඩු සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන සියලු ම අයදුම්කරුවන් 27/2025 චක්‍රලේඛයෙහි සඳහන් අයදුම්පත්‍රය සම්පූර්ණ කර සැප්තැම්බර් 26 දිනට පෙර සියලු අතිරේක ලේඛන ද සමග අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලියාපදිංචි තැපෑල මඟින් යොමු කළ යුතුය.


